1 මිතුරු වෙස
බල ලොබ බැඳ
සිහින දකින
දෙව්දත් තෙර
බුදුන් නසන
මග සොයනට
පිරු පිරුම්
අජාසත්ත මිතුරුතැනට
දුන් උපදෙස්
පිය නසනට
සොඳුරු හිතක්
අඳුරු තැනක්
බවට නමන
මිතුරු වෙසක්
හේමින්ද බස්නායක
2 තනිකම
මද අඳුර විත් දසත
තනිකමට හාදු දෙයි
මහද දැල්වූ නුඹේ පහන
මසිත් තුල දැල් වී තිබෙය්
වලකුලකින් වැසෙන සිත් සඳ
නැවත විත් සඳ එලිය දෙයි
නේක තරු නැති මගේ අහසට
සරා සඳ සේ නුඹම දිස් වෙයි
නිර්මාණ රාමනායක
සිහින දකින
දෙව්දත් තෙර
බුදුන් නසන
මග සොයනට
පිරු පිරුම්
අජාසත්ත මිතුරුතැනට
දුන් උපදෙස්
පිය නසනට
සොඳුරු හිතක්
අඳුරු තැනක්
බවට නමන
මිතුරු වෙසක්
හේමින්ද බස්නායක
2 තනිකම
මද අඳුර විත් දසත
තනිකමට හාදු දෙයි
මහද දැල්වූ නුඹේ පහන
මසිත් තුල දැල් වී තිබෙය්
වලකුලකින් වැසෙන සිත් සඳ
නැවත විත් සඳ එලිය දෙයි
නේක තරු නැති මගේ අහසට
සරා සඳ සේ නුඹම දිස් වෙයි
නිර්මාණ රාමනායක
3 ඇය
සිත කීරි ගසමින් ,
උළලේනින් හඬ ලද්දී ....
හැඩුම් බර ,අහස් කුස
මතින් ,
කණ කොකුන් ඉගිලෙද්දී ...
නිම්නයේ පිපී ,
සුදු රෝස කුසුම් සිපගෙන
හමා ගිය මද නළ වෙත ,
මුදා හැරියේ ඇයිද නුඹ ?
අවසන් සුසුම් පොද
යලි නොයන ලෙසින් ...
නුඹ නිදන සොහොන් කොත
මතින් ,
දැල්වෙන පහන් සිළු අගින් ,
දිස්වෙන මල් ව්ඩමේ!
රිදවූවත් අගේ සුමුදු ලය මඩල ,
පලක් නැත දැන් ,
ඇය මිය ගොසින් ....
පින්කි මදුෂිකා
උළලේනින් හඬ ලද්දී ....
හැඩුම් බර ,අහස් කුස
මතින් ,
කණ කොකුන් ඉගිලෙද්දී ...
නිම්නයේ පිපී ,
සුදු රෝස කුසුම් සිපගෙන
හමා ගිය මද නළ වෙත ,
මුදා හැරියේ ඇයිද නුඹ ?
අවසන් සුසුම් පොද
යලි නොයන ලෙසින් ...
නුඹ නිදන සොහොන් කොත
මතින් ,
දැල්වෙන පහන් සිළු අගින් ,
දිස්වෙන මල් ව්ඩමේ!
රිදවූවත් අගේ සුමුදු ලය මඩල ,
පලක් නැත දැන් ,
ඇය මිය ගොසින් ....
පින්කි මදුෂිකා
4 කවක් කාටද
කරලින් බර වූ කෙත් බිම් දැක දැක
පතන බිමක ඇති සිලිලාර දැක දැක
විවර කරන ගැන කඳු මැද හිරු සඳු
රොනට වඩින මී දුම් මැද බඹරිදු
මහා මග දහදිය සිරුරේ ගලායන
ජාල කඳ මැද වැලි සෝදන මිනිසුන
ගල් කඳු මත මෙත් සිතින් පහර දෙන
හිරු රැස් නොතකන ගෙන් ගෙට ඇවිදින
මිනිසුන් ඔබ වේ දෙවිදුන් සුරකින
එක්ටැම් නිවහන නොව නෙත් සනසන
වැසි සුලන් මතින් තම දරු සුරකින
මේ සැම මා නෙත් වශී කරාවිය
නිපුන හේමින්ද