විචාර

(1)2012 ලෝක විනාශය සහ අන්යාගමිකරණය
විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරුමැද පළාත් වලට බලපා ඇති ගංවතුර හමුවේ මේ පිලිබඳ වෙනදාට වැඩි උනන්න්දුවකින් හා විමසුම් ඇසකින් බැලීමට ජනතාව පෙළඹී ඇත . නමුත් මේ තත්වයන් යටතේ බොරදියේ මාලුන් බාන පිරිසක් බිහිව සිටීම කණගාටුදායකය . මේ තත්වයන් හමුවේ රජයත් මහ ජනතාවත් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙන් හැසිරීම වඩාත් කණගාටුදායකය .
      මා මේ කියන්නට සාදන්නේ මේ සති කීපය තුල කොළඹ ආශ්‍රිත ජනතාව අත්දුටු සිද්දියක් පිලිබඳවය . විශේෂයෙන්ම මරදාන දුම්රිය ස්ථානය
ඉදිරිපිටත්නොබෝද   (2011) ජනවාරි මාසයේ නාරාහේන්පිට කිරුලපාරේ ද මේ සිද්දිය ජනතාවට ඇත දැකීමට සිදුවිය . ළඟ එන 2012 ලෝක විනාශයෙන් අත්මිදීමට නම් යන හිසින් පල කෙරුණ පත්‍රිකාවක් විදේශිකයන් දෙදෙනකු මෙම ඉස්තාන දෙකෙහි බෙදා හැර තිබුණි . ඉන් පත්‍රිකාවක් මා හටත් ලැබුණු බැවින් එහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමටද හැක . මෙම පත්‍රිකාව මගින් ලෝක විනාශයෙන් බේරීමට නම් ක්‍රිස්තියානිය වැළඳ ගන්නා ලෙසත් අවිට දෙවියන් වහන්සේගේ  ආරක්ෂාව හිමි වන බවත් සඳහන්ව තිබුණි . සිංහල ද්‍රවිඩ ඉංග්‍රීසි යන බාෂා තුනෙන්ම රචිත මෙම පත්‍රිකා පිලිබඳ සමාජයේ අවදානය යොමු විය යුතුය . 2600 සම්බුද්දත්ව ජයන්තියට සැරසෙන මේ වකවානුවේම මෙවැනි ක්‍රියාකාරකම් හිස එසවීම නැවතී ගිය මුලදර්මවාදයේ නවමු වියාපෘතිය බවට සැක මතුවේ .
    විශේෂයෙන්ම සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසුව අඩපනවූ මුලදර්මක්රියා නැවත ආරම්බයේ පළමු වෙඩිමුරය මෙය බවට සැක කල හැක .
මේ පිලිබඳ කලබල වන්නේ මන්ද? බොහෝදෙනෙක්  මගෙන් විමසති .නියපොත්තෙන් කපන්න තිබ්බ දේ පොරොවෙන් කැපීමට අප ඉඩ නොදිය යුතුය . මුලදර්ම වේශයෙන් අප වෙත එන්නේ යටත් විජිත වාදයේම අලුත් ස්වරුපයක් බව අප වටහගතයුතුය . ඉන් අහිමි වන්නේ අපේම ආගමික දේශපාලනික ආර්ථික නිදහස බව රජය අවබෝද කරගත යුතුය .පොඩි පොඩි සිද්දීත් ලොකු කර කතා කරන අපේ අයට මේ සිද්දිය කුඩා වුනේ කෙසේ ද කියා ප්‍රශ්නයක් අපෙන්ම විමසියුතුය .

නිර්මාණ රාමනායක

 

(2)ගමේ ඉදන් Colombo වලට travel කරපු ගොඩයාගේ කතාව
                           (මිනිසත්කමින් යුතු සමාජයක් කරා)   
   
 
      ඉස්සෙල්ලම ප්‍රකශ කරන්න ඕනේ මට මේක කියන්න ඕන කරලා තිබුනේ ගොඩක් කල් ඉදලා.ඒ කියන්නේ මම කොලඹ ආපු දවසේ  ඉදලා.අද මට ඒකට අවස්ථාව ලැබුණු නිසා මම ඒක කියන්නම්.තව  එකක් තියෙනවා මේකේ ව්‍යාකරණ බලන්න එපා.මොකද මම මේක කියන්නේ ලිඛිත භාෂාවෙන් නෙමේ වයවහාරික භාෂාවෙන්.ඇයි අනේ කතාවක් කියන්න පුලුවන්ද ලියන භාෂාවෙන්.අද අපි ගියා අපේ පන්තියෙන් එලියට.ඉතින් දැන් දෙකපු දේවල් කියන්න ඕනනේ.මං මුලින් මම ගැන කියන්නම්.මං ගමෙන් කොලඹට ආපු ගමේ බ්යීයෙක්..ඒ ආපු දවසෙම මට කොලඹ එපා උනා.ඒකට ඉතින් ගොඩක් හේතු තිබුණා.ඒවා මං පස්සේ කියන්නම්.මම අවේ අපේ ලොක්කය්යත් එක්ක ජනමාධ්‍ය ඉගෙනගන්න.ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ අද එලියට ආපු ගමන් දුවිලි වලින් මගේ මුණ වැහුණා.වාහන වල ශබ්ද වලින් නලා හඩින් මගේ කන් දෙක පිරුනා.හරිම ගෝශාවක්.හරිම කලබලේ.මිනිස්සු එහාට දුවනවා.මෙහාට දුවනවා.ලෝකේ අල්ලන්න වගේ.එතකොට මට මතක් වෙනවා ඊයේ උන දෙයක්. ඊයේ අපි ගෙදර  යනකොට  අය්යට ගැණු කෙනෙක්ගේ සෙරෙප්පුවක් පෑගුන.එයා හොදටම බැන්නා.ඇයි මිනිස්සු මෙහෙම නොමිනිස්සු වෙන්නේ.තව ගොඩක් දේවල් උනා.නාරාහේන්පිට බස් එකේ යන ගැබිණි මාතාවකට,වයසක ආච්චි කෙනෙකුට ආසනයක් නොදෙන්න තරම් මිනිස්සු කුරිරු වෙලා.ඊට හපන් මනුස්සකමට කෙනෙක්ගෙන් බැග් එකක් ගන්න ගියහම රවලා අහක බලනවා.   ගමේනම් හැමෝම උදව් කරනවා.ඉතින් අපි  නාරාහේන්පිට දෙසට යනකොට චූටි ගස් දෙකක් යට බැංකු  දෙකක් උඩ දෙන්නෙක් තුන්දෙනෙක් ඉගෙන ඉන්නවා. මිනිස්සු තාමත් පරිසරයට කැමතිය.අපි ගමේ විදපු ඒ සුවය,පින්නේ සිසිලස මහේ නැ.බලන හැමතැන ගොඩනැගිලි.

                              
                                   තව ටිකක් යද්දී හිත නිවන තැනක් හම්බ උනා.බෝ ගහක් තිබුණු පන්සල.බෝ ගහ යට පුදුම සිසිලසක්.ඉතින් පන්සල බලන්න තිබිරිගස්යාය පාරට ගියා.මොන නිවිල්ක්ද?ඒක තනිකර ගොඩනැගිලි ගොඩක්.ඒක ගැන තිබ්බ ශද්ධව එතනින් ඉවරය්.ඉස්සරහට යනකොට  පල්ලියක් හම්බ උනා.එකෙත් වැඩි වෙනසක් නැ.
තව  ගොඩක් දේවල් කියන්න තියෙනවා.එත් කියන්න කාලේ මදි.අනික ඔක්කම ඒක වගේ.ඒවායෙන් වෙන්නෙත් කලකිරිමමයි.මේක මේ ක්‍රමයේ,සමාජයේ වැරැද්ද.නැවත අපි අපේ ගැමි ක්‍රමයට යා යුතුය.ඒ කියන්නේ  ගොඩයෝ වෙනවා කියන එක නෙමේ.මනුස්සකම්,පුරුෂාරත වලින් සපිරුණු ලෝකයක් ඒක.දහමින් හික්මුණු ලෝකයක් ඒක.ඒක  ගොඩක් අමාරු වේවී.සමහරවිට brain wash එකක් ඒ කියන්නේ මොළ සුද්දයක් කරන්න වේවී.එවන් ලෝකයකදී නැවත හමුවෙමු.
                                                                                                         ගොඩයා